පහතරට ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදුබිමක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී ඉදිරි පරම්පරාවට පූර්වාදර්ශයක් සපයනු ලැබූ අනගි අවස්ථාවක් ලෙස පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය බිහිවීම පෙන්වා දිය හැකිය. 56 පෙරළියෙන් බිහිවූ එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ රජයේ ඉඩම් සංවර්ධන වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යවරය්‍යව විටි පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්නේරිය අසුන නියෝජනය කල දකුණු ලක උපන් ගරු සී.පී ද සිල්වා මැතිතුමන් කන්නන්ගර මැතිදුන්ගේ මධ්‍ය විද්‍යාල බිහිකිරීමේ සංකල්පයට අනුව යමින් රජරට ගොවි ජනතාවගේ දූ දරුවන්ට දිවයිනේ ප්‍රමුඛත්වය ලබාදීමේ අභිලාශයෙන් 1959 අප්‍රේල් 10 දින රාජකීය විද්‍යාලයට මුල්ගල තබන ලදි.
එතුමා අද්‍යාපනය ලැබූ විදෙස් සරසවියක ආකෲතියකට අනුව නිර්මාණය කළ මෙම විද්‍යාලය දිවයිනේ ජනප්‍රිය පාසලවලට නොදෙවෙනි නවීන පහසුකම් සහිත විද්‍යාගාර, ක්‍රීඩා පිටි, එලිමහන් රංගපීට, බාලක බාලිකා නේවාසිකාගාර මීට ඇතුලත්ය. මෙරට කිසිදු පාසලකට නොමැති විධිමත් සැලැස්මකට අනුව නිමකළ මෙම විද්‍යාලය 1965.02.07 දින අභිමානවත් පුලතිසිපුර දරුවන් වෙත දයාද කරන ලදි.
|
ආරම්භ කළ වර්ෂය |
1965 පෙබරවාරි 07 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
26 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
60 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
04 |
|
පාසලේ නම |
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී.බී කරුණාතිලක මයා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නවනගරය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1965 පෙබරවාරි 07 දින |